“ආධාර නොදෙන කතාව බොරු” ජපන් තානාපති ජනපති හමුවෙයි!

ලබා දෙන ආධාර වැරදි පාරක යන බැවින් ලංකාවට උදව් කල නොහැකි බවට ජපාන තානාපතිවරයා පැවසු බවට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුවත්  වෙබ් අඩවියක් හරහා පුවතක් පලව තිබු අතර ඒ සම්බන්ධයෙන් ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

ඒ අනුව කොළඹ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ අදාළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත අද (01) ලිඛිතව මේ බව දැනුම් දී තිබේ.

මේ අතර ජපන් තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා අද සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ඇති අතර එහිදී පවසා ඇත්තේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින් අඛණ්ඩව සහාය වන බවයි.

ජපාන තානාපති කාර්යාලය කල නිවේදනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනය පහතින්…

ජවිපෙ වෙබ් අඩවියට සම්බන්ධ ෆේස්බුක් පිටුවේ පලකල අසත්‍ය පුවත.

ජපාන තානාපති  හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා අද සවස ජනාධිපතිවරයා හමුවූ බවට වබ පුවත…

Leave a Reply

Your email address will not be published.