“ආත්මය පාවා දෙන්නේ නෑ” සජිත්ගෙන් හදිසි නිවේදනයක්! [VIDEO]

වරදාන, වරප්‍රසාදවලට තමන්ගේ පක්ෂය හෝ තමන්ගේ ආත්මය පාවා දෙන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නැති බවත්, කිසිවකු ආණ්ඩුව සමඟ එක් නොවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇතැම් මාධ්‍ය විසින් බොරු කටකතා නිර්මාණය කරමින් ආඥාදායක ආණ්ඩුවට ඔක්සිජන් දෙන්නට උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ජනතා ප්‍රාර්ථනාවන් ඉටු කිරීම සමගි ජන බලවේගය සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකායන අරමුණ බවයි අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (14) විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *