“ආණ්ඩුව ස්ථාවරයි” බහුතර ඡන්දයෙන් නි.කතානායක පත්කරයි!
අද දිනයේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වුණු අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම මන්ත්‍රී නිමල් සිරිපාල විසින් යෝජනා කරනු ලැබූ අතර මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත විසින් ස්ථිර කරනු ලැබුවා.
මේ අතර සමගි ජනබල වේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කරනු ලැබූ අතර, මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල විසින් එය ස්ථිර කරන ලැබුවා.
කෙසේ එතත් මේ සම්බන්ධයෙන් පැවැත්වූ රහස් චන්දයෙන් චන්ද 148ක් ලබා ගනිමින් රන්ජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත්වූ අතර විපක්ෂ අපේක්ෂකයා වූ බාකිර් මාකර් මහතා ලබාගත්තේ චන්ද 65ක් පමණයි.