ආණ්ඩුවේ බහුතරය ගැන නාලක ගොඩහේවා කියන කතාව!
ආණ්ඩුවේ බහුතරය පිළිබඳව උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් තමාට ප්‍රකාශයක් සිදු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක ආණ්ඩුවේ බහුතරය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“විපක්ෂයට අමතරව පාර්ලිමේන්තුවේ සිටින 39 දෙනෙක් ස්වාධීන වෙනවා කියලා තියනවා. ඒ හැරුණු විට කිසි ම කෙනෙක් අපි දන්නා තරමට නම් කියලා නැහැ ආණ්ඩුවට විරුද්ධ වෙනවා කියලා. ඒ කියන ප්‍රකාශය ගැන අපිට කියන්නට බැහැ. ඔවුන් යම් කිසි විධිමත් ක්‍රමවේදයකට ඉදිරිපත් කළාට පස්සේ තමයි ඒක අපිට කියන්න පුළුවන්”