ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය ගැන පෙරළිකාරයෝ වැට උඩ!

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ,මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කණ්ඩායම තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වෙයි.

නව අගමැතිවරයකු යටතේ , සියලු පක්ෂ නියෝජනය වන කැබිනට් මණ්ඩලයක් පත්කරන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් එකඟතාවක් පළ නොවන්නේ නම්, විශ්වාසභංග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් අත්සන් කිරීම පෙරේදා (08) ආරම්භ කළ අතර,මන්ත්‍රීවරුන් 40කට ආසන්න සංඛ්‍යාවක් එදින ඊට අත්සන් කර තිබිණි.

ව්ශ්වාසභංග යෝජනාවට අමතරව සමගි ජන බලවේගය තවත් ලියවිල්කට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගනිමින් සිටින අතර,එය ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් හෝ ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය කපා හැරීමක් හෝ 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාවක් හෝ විය හැකි බව සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙක් පවසයි.

ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත දෝෂාභියෝගය කතානායකවරයා විසින් බාර නොගත හොත්, කතානායකවරයා ඉවත් කිරීමට ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.