“අවුරුදු 70ක් මේක තමයි වුනේ” අපට මේ වෙනස කරන්නම වෙනවා! [VIDEO]

රටේ ආර්ථිකය, අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමකින් තොරව වර්තමාන අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාදිය නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 

තරුණ ව්‍යවාසයකයින්ගේ සැසිය අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

“අර්බුදයක් කියන්නේ රටේ ආර්ථිකය යම්කිසි අවපාතයකට ලක්වීම. රටේ සමස්ථ ආර්ථිකය අවපාතයක් කියන්නේ, ඒ අවපාතය හැමෝගෙන්ම එක විදියට එන්න ඕනේ. එහෙම නැතුව එක්කෙනෙක් දෙන්නෙක්, කොටසකට විතරක් අවපාතයක්.. කොටසක විතරක් සාමාන්‍ය ආකාරයෙන් කරගෙන යනවා.  ඒක වෙන්න බැරි දෙයක්. 

රටේ අර්ථිකය ඒකෙන් ගොඩඑන්න බෑ. මේ අර්බුද වෙලාවේ වුණත් යම්කිසි කෙනෙක් අපනයනය මත පදනම්ව විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නම් එයාට විතරයි මේ වෙලාවේ පහසුවෙන් ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. 

ඒක දිරිගැන්වීමක් වෙලා තියෙනවා. අනිත් පැත්තේ හිටිය කෙනාට ව්‍යාපාරය පහළට තමයි යන්න වෙන්නේ. වියදම් කිරීමට වඩා වැඩි ප්‍රමාණයක් ආදායම උපයා ගත්තොත් ඒ රට දියුණුවට යන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් මුල කාලේ ගත්තොත් ජපානය, තායිවානය, කොරියාව වැනි රටවල් මුලින් එහෙම තිබිලා දැන් අපනයන ආදායම් පැත්තට ගිහිල්ලා දියුණු වෙලා තියෙනවා. මැලේසියා, සිංගප්පූර් සහ මෑත කාලයේ වියට්නාමය, බංගලාදේශය වුණත් ඒ රටවල ව්‍යාපාරිකයෝ අපනයන ආදායම් පැත්තට ගිහිල්ලා රටේ ජීවන තත්ත්වය ඉහළට ගිහිල්ලා තියෙනවා. 

අපට මේ වෙනස කරන්න වෙනවා. අපි මේකට තාවකාලිකව ජාත්‍යන්තර අරමුදලෙන් ණය මුදලක් අරගෙන, කාගෙන් හරි ණයක් අරගෙන මේක ඊළඟ මාසවල යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒක කරන්න බැරි කමක් නෑ. එහෙම කරා කියලා අර ප්‍රශ්නය දිගටම තිබුණොත් නැවතත් අපි යන්නේ එතනටම තමයි.  

ඒක තමයි අපේ රටේ අවුරුදු 60ක් 70ක් තිස්සේ IMF එකට 16 පාරක් ගිහින් මේක ඉල්ලන්න වුණේ. පකිස්තානයයි අපි ගිහින් තියෙනවා 16 වතාවක්. දෙගොල්ලොම ඉන්නේ එකම ඛාණ්ඩයේ. එක අවුරුද්දකට IMF එකට ගිහිල්ලා මේකෙන් ගොඩ එනවා. අයේ පාරක් සල්ලා ටිකක් ලැබුණාම හිටපු විදියට අවිල්ලා. නමුත් යම් කිසි වෙලාවක ඒක ආයේ කඩා වැටෙනවා.”

Leave a Reply

Your email address will not be published.