අලි සබ්රිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! [VIDEO]

ඩීසල් මාෆියාව සමඟ සිටින පිරිස් එකතුවී පුනර්ජනනීය විදුලි බලය නිර්මාණය කිරීමට බාධා එල්ලකරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා චෝදනා කරන්නේ ඩීසල් බලාගාරවලට ගෙවන මුදල වැඩිවනවිට හඬ නොනැගූ වෘත්තීය සමිතිද පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ වී ඇති බවටය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා 

පුනර්ජනනීය බලශක්තිය මෙරටට ලබාගැනීම සඳහා කාලයක් තිස්සේ සාකච්ඡාවක් පවත්වාගෙන යනවා. නමුත් මේ සාකච්ඡා කොතරම් දුරට සාර්ථක වෙලා තියෙනවා ද. මේක කරන්න ඉඩ දෙනවද. 2006 වර්ෂයේ ඉඳලා මේ දක්වා අපේ රටේ සම්පූර්ණ පද්ධතියට කොච්චර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද. එක එක කාලෙට මොන මොන හරි හේතුවක් මවලා මේක කරන්න දෙන්නේ නැති තත්ත්වයට තමයි පත්වෙලා තියෙන්නේ. දේශපාලනඥයනුත් තමන්ගේ වාසිය ගැන බලලා විපක්ෂයේ ඉන්නකොට මේකට විරුද්ධ වෙනවා ආණ්ඩුවේ ඉන්නකොට මේකට කැමති වෙනවා. නමුත් කවදාවත් මේක කරන්න ඉඩ දීලා නෑ. අද වෙනකොට මේකේ ප්‍රතිඵලය තමයි ඩීසල් බලාගාරවලට ගෙවන මුදල වැඩිවෙලා. මේවා ගෙවනකොට රටට ආදරේ වෘත්තීය සමිතිවල ඉන්න අයට දැනුනේ නැද්ද මේක. රිදෙන්නේ නැද්ද. මේකට විරුද්ධව වර්ජනය කරන්නේ නැද්ද. විදුලි බල ඩීසල් මාෆියාව එක්ක එක අතක ඉන්නකොට මේ පුනර්ජනනීය මුදලින් කීයද යන්නේ. රුපියල් 16 යි 22යි. එම ප්‍රමාණයට විරුද්ධව මෙච්චර විරෝධතාවයක් මෙහෙයවන මිනිස්සු දිගින් දිගටම රුපියල් 80ක් 100ක් 137ක් 182ක් දක්වා ගෙවනතුරු කිසිම ප්‍රශනයක් නෑ. එහෙනම් බලාගන්නට ඕන මේගොල්ලෝ ඉන්නේ කවුරු එක්කද කියලා. මේක තමයි ඩීසල් මාෆියාව කියලා කියන්නේ. මේ මාෆියාවත් එක්ක එකතුවෙලා පුනර්ජනනීය විදුලි බලය නිර්මාණය කිරීම මොනවාහරි හේතුවක් දක්වලා හැමදාම බාධා කරලා අඩාළ කරලා තියෙනවා. අපි මොනවා හරි කෑල්ලක් අල්ලාගෙන ඊට පස්සේ ඒක පිටිපස්සෙන් යනවා. 

1996දී ටෙලිකොම් එක අපි පෞද්ගලීකරණය කරනකොට ජපානයට විරුද්ධව විරෝධතාවයක් මතුකර ගත්තා. අන්තිමේදී NTT එක ඇවිල්ලා ඒ එනකොට අවුරුදු 10ක් පොරොත්තු ලේඛනයේ ඉන්න ඉන්න ටෙලිෆෝන් එකක් ගන්න. මියගිය ගරු මංගල සමරවීර මැතිතුමා ඒ නායකත්වය අරගෙන ඒ පෞද්ගලීකරණය කරපු හින්දා මේ කලාපේ අංක එක හැටියට පහුගිය අවුරුදු දෙක තුනේ අපිට ඉන්න පුළුවන් වුණා. ඒ ආයෝජනය ආවා, ඒ තාක්ෂනය ආවා, ඒ දැනුම බෙදාගත්තා. විවිධ මිනිස්සු ආවා. එක සැපයුම්කරුවෙක් වෙනුවට 5 දෙනෙක් ආවා. තරගකාරී වුණා. තරගකාරී වුණාම වැඩියෙන් බදු ජනතාවට අයවුනා. ලාභ ටික ජනතාවට හම්බවෙනවා බදු හැටියට. මීට ඉස්සෙල්ලා ජනතාව ගෙවපු මුදල අලාභය නැතිවෙලා ගියා. ඉතින් මේක හොඳ නැද්ද. ඒ හා සමානව තමයි එමිරේට් එක ආපු වෙලාවේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකන් එයාර්ලයින් එක වෙනුවෙන් ලාභාංශ ගෙව්වා භාණ්ඩාගාරයට. එමිරේට්ස් එකට විරුද්ධව ජාතිවාදයත් අල්ලගෙන එක එක කතා කිව්වා. අන්තිමේදී එමිරේට්ස් එක යැව්වා, පහුගිය අවුරුදු 14 තුළදී මේ කොහෙද යන ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකක් ආරක්ෂාකරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දුප්පතුන්, බිලියන 572ක් පාඩුවෙලා තියෙනවා. මොකක්ද මේ විහිලුව. දැන් මේ අදානි කෙනෙක් අල්ලාගෙන. කාවහරි අල්ලගන්නවා. මේ ඉන්දියාව පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි. ආයෝජකයන්ට බයවෙන්නට බෑ. ආයෝජකයෝ එනකොට ගෙන්නගන්න ඕන. අද ඉන්දියාව ගත්තම ඉතා වේගයෙන් දියුණුවන රටක්. මේ නිර්මාණය කරන අලුත් ශක්තිය ලංකාවට දෙන්න නෙවෙයි ඔවුන් කතාකරන්නේ. ඉන්දියාවට විකුණන්න. මේ පහුගිය අවුරුදු කාළය තුළ. සුළං බලය ප්‍රමාණය මෙගාවොට් 15,000ක් විතර තියෙනවා. ඔහේ සුළං හමලා යනවා. කවුරුත් මුකුත් කතාකරන්නේ නෑ. ඒකට ආයෝජනය කරලා ඒක ලබාගෙන. රටටත් අඩුගානට දීලා. ආයේ අපනයනය කරලා විදේශ විනිමය ලබාගන්න හදනකොට මොනවාද එකක් කියවනවා. කොහොමද රටක් නිර්මාණය වෙන්නේ. 

ඉන්දියාව අද වෙනකොට බංග්ලාදේශය සහ රුසියාවත් එක්ක එකතුවෙලා න්‍යෂ්ඨික බලාගාරයක් නිර්මාණය කරනවා විදුලිබලය ලබාගන්න. ඊට පස්සේ ඔවුන් ඉන්දියාවට අපනයනය කරනවා. භූතානයත් එක්ක කරලා තියෙනවා. නේපාලයත් එක්ක කරලා තියෙනවා. ඉතින් අපෙන් හමන සුළඟ එකතුකරලා විදුලිබලය නිර්මාණය කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට රුපියල් 22ට ලබාදීලා, ඉතුරු ටික අපනයනය කරාම මොකක්ද තියෙන ප්‍රශ්නය. මේක ඉන්දියාව සමඟ ප්‍රශ්නයක් ද. සම්පූර්ණයෙන් ම මේකට බාධා කරන අයගේ ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ ඩීසල් මාෆියාවත් එක්ක. බොරු ජාත්‍යාලයක් මවාගෙන දේශප්‍රේමයක් මවාගෙන මේ බොරුවක් කියන්න උත්සාහ කරනවා. ඔබ හිතනවාද ලෝක පූජිත සමාගම ලංකාවේ මෙගාවොට් 10කට අඩු ප්‍රමාණයකට ඇවිල්ලා මෙහෙ ටෙන්ඩර් කරාවි කියලා. ඔවුන්ට වැඩක් තියෙනවා ද. ඔවුන්ගේ ආයෝජනයේ වැදගත්කමක් තියෙනවා ද. ඒක අපනයනය කරන්න පුළුවන් ද. එවැනි අය එන්නේ නැතුව රටක් දියුණු කරන්න පුළුවන්ද. 1977 වෙනකොට අපි විතරයි විවෘත ආර්ථිකයට තිබුනේ. මිනිස්සුන්ට මෙහෙට එන්න හේතුවක් තිබුණා. අද වෙනකොට ඕක වෙනස්වෙලා. මුළු ලෝකෙම විවෘත වෙලා. කාම්බෝජය, වියට්නාමය, බංග්ලාදේශය, නේපාලය සියලුදෙනාම තරග කරනවා. ඒ තරග කරන අවස්ථාවේදී ආයෝජකයා අපි ගෙන්වාගන්න ඕන. ආයෝජකයා දිරිමත් කරන්න ඕන. ආයෝජකයන්ගෙන් ආයෝජනයෙන් තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න ඕන. 

Leave a Reply

Your email address will not be published.