අර්බුදයට විසඳුම් සොයා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම 18 දා IMF යයි!

මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම එළඹෙන 18 දා අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව මුදල් ඇමැති අලි සබ්‍රි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් මේ සඳහා සහභාගි වන අතර එම සාකච්ඡා දින 5ක පමණ කාලයක් පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ආර්ථික අර්බුදය කළමනාකරණය කරමින් ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඉදිරි මාස 6 ඇතුළත ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ ආධාර අවශ්‍ය වී තිබෙන අතර ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍යාධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද එම අමාත්‍යාංශ්‍ය පෙන්වා දෙයි.

ඉදිරි මාස6 ඇතුළත බදු අනුපාතය හා ඉන්ධන මිල තවදුරටත් ඉහළ නැංවීමට සිදුවනු ඇති අතර ඉදිරි මාස කිහිපයේ දී ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ස්ථාවර වීමට ක්‍රම දෙකක් පවතින බව කියා සිටී.

Leave a Reply

Your email address will not be published.