අර්බුදයට වගකිවයුත්තා රංගේ බණ්ඩාර හෙළි කරයි !

ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා ආර්ථික විශේෂඥයන්ගේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පරිනත දේශපාලනඥයන්ගේ සහාය ලබා ගැනීම වෙනුවට ජනාධිපතිවරයා කළේ අනුරාධපුරයේ ඥානක්කාගේ සහාය ලබා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

ඒ අනුව වත්මන් අර්බුදවලට වගකිවයුත්තා “ඥානක්කා” බවද රංගේ බණ්ඩාර සඳහන් කරයි.

අර්බුදය විසඳීම පහසු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කල්තියාම විසඳුම් දැනුම් දුන් අතර මාර්තු මාසයේ දී මුහුණ දීමට සිදුවන බැරෑරුම් තත්ත්වය පිළිබඳව 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ බවද හෙතෙම පවසයි.

 ඇතිවිය හැකි ආහාර අර්බුදය ගැන මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කල් වේලා ඇතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීම  පිළිබඳවත් ඒ තුළින් ජනතාව පීඩනයට පත් වීම වළක්වා ගැනීම පිළිබඳවත් එජාප නායකයා කරුණු කීවත් ආණ්ඩුව ඒ ගැන තැකීමක් නොකළ ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.