අරගල භූමියේ සැඟවුණු ස්ත්‍රී දූෂකයෙකු අල්ලයි!

ස්ත්‍රී දූෂණයක් කිරීමේ වරදකට අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවෙකු ගාලුමුව‍ෙදාර විරෝධතා භූමියේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිසිය සමත් විය.

රත්නපුර වෙරළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහු අවුරුදු 25ක් වයසැති අයෙකි.

රත්නපුර මහාධිකරණයේ විභාග වෙමින් පවතින අංක HCR/111/2020 දරන ස්ත්‍රී දූෂණ නඩුවේ ප්‍රධාන සැකකරු වන මොහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු පවා නිකුත් කර තිබිණි.

අදාළ සැකකරු ගාලුමුව‍ෙදාර ගෝඨාගෝගම විරෝධතා භූමියේ මාස දෙකක පමණ කාලයක සිට සැඟව සිටින බවට ලද තොරතුරක් මත කොටුව පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර මේ මස 12 වන දා රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මේ මස 22 වන දා ලබාදෙන ලෙස අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published.