අරගලය හයිජැක් කරන 225 දරුවන්ගේ පැටිකිරිය!

ගෝල්ෆේස් අරගලය මේ වනවිට දින 20ත් පසුකර ඉතා දියාරු මට්ටමින් ගලාගෙන යන අතර අරගලය රාත්‍රී සංදර්ශනයක් වී ඇත්තේ වැඩ නිමවී බෝඩිමේ ඉන්න කම්මැලි සහ කඩෙන් කෑම ගන්නා මුදල ඉතුරු කරගන්නට නොමිලේ බිරියනි කන්නට එන පිරිස් සවස් ජාමය වන විට එම භූමියට සේන්දු වීමත් සමඟය.

කෙසේ වෙතත් අරගලය ගැන කරුණු සොයා බැලීමේදී කරුණු කරනා රැසක් හෙළිවෙමින් පවතින අතර උඩින් පෙන්නු නිර්පාක්ෂික ස්වාධීන අපක්ෂපාති හා ජාති මාමක සළුපිලි අහසට විසි කරමින් අරගලයේ සැබෑ නිරුවත හෙළි වෙමින් ඇත. සැබවින්ම අරගලයට මුදල් වියදම් කරන්නේ දෙමල ඩයස්පෝරාව සහ කොටුවේ බිස්නස් කරන නානලා සෙට් එකය, රැඩිකල් නිරගමික කල්ලතෝනි ජාතියක් ජන්මයක් නැති නපුන්සක සෙට් එකක් ඔවුන්ගේ මතවාදය ඉදිරියට ගෙන යාමට සහ නිරාගමික ගන්ජාකාරයින්ගේ රටක් බවට මේ රට පත් කිරීමට මතය සකස් කරමින් සිටී, ඒ අතර බංකොලොත් දේශපාලන පක්ෂ වලට කඩේ යන පිරිසක්ද සිය හාම්පුතුන්ගේ මීළඟ ආගමනය පිණිස පිටිය සකස් කරමින් ඇත.

මේ සියල්ලටම අමතරව 225 නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින සමහර උන්දලාගේ දූ පුතුන් පිරිසක්ද අරගල බෝඩ් ලෑලි වල සැඟවී හැංගිමුත්තන් කරමින් සිටිති. රටට 74 වසරක් තිස්සේ වින කරමින් තම පවුල් ගොඩ දැමු එම දේශපාලකයින්ගේ දරුවන් කිසි හිරිකිතයකින් තොරව අරගලය හයිජැක් කරමින් සිටිනා අතර සැබවින්ම රට ජාතිය වෙනුවෙන් පෙරට ආ අවංක නිර්පාක්ෂික තරුණ තරුණියන් වෙනුවෙන් මේ හොර දු දරුවන් ගැන අප කරුණු හෙළිදරව් කරමු.

මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පසුගිය යහපාලන රජය සමයේ නීතිය හා සාමය අමාත්‍යධුරය පවා දරමින් රට අගාධයට ගෙනගිය හා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ දියණිය අරගල කල හැටි සමාජ මාධ්‍ය ඔස්සේ පලවී ඇත්තේ මේ අකාරයෙන්.

Leave a Reply

Your email address will not be published.