අරගලකරුවෝ මන්ත්‍රී රොෂාන්ගේ නිවස වනසයි!

රජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ බැඳිවැව නිවෙසට අද රාත්‍රී 300ක පමණ පිරිසක් කඩා වැදී ඇති අතර එම පිරිස නිවසට අලභ හානි සිදු කර ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.

පොලොන්නරුවේ සිටි පා ගමිනින් පැමිණි විරොධතාකරුවන් අමාත්‍යවරයාගේ පොලොන්නරු කාර්යාලට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පසුව ඔවුන් පා ගමනින් අමාත්‍යවරයාගේ නිවෙසට ගොස් ඇත.

කලහකාරි ලෙස හැසිරෙන එම පිරිස මේ වන විටත් අමාත්‍යවරයාගේ නිවසේ රැඳී සිටින අතර නිවසේ විවිධ භාණ්ඩවලට හානි කර ඇතැයි ද වාර්තා වෙයි.

අමාත්‍යවරයා නිවසේ සිටියේ ද යන්න ගැන තොරතුරු ලැබී නැත.

එම පිරිස නිවසින් ඉවත් කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බව ද පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.