“අමෙරිකන් හිතවාදීන්ගේ ගොදුරක්” රනිල්ට වෙච්චි වැඩේ සජබ කියයි!

අමෙරිකන් හිතවාදීන්ගේ ගොදුරක් බවට රනිල් වික්‍රමසිංහ පත්වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පැවසීය.

ලංකාව රුසියානු හිතවාදී වීම අමෙරිකාවට දේශපාලනික වශයෙන් සුබදායී නොවන නිසා අමෙරිකානු හිතවාදී පිරිස රුසියාව හා ලංකාව අතර මතභේදයක් ගොඩනැගූ බව ඔහු සඳහන් කළේ ය.

අමෙරිකන් හිතවාදීන්ගේ උගුලට අසුවූ රනිල් වික්‍රමසිංහගේ තීරණ නිසා රුසියාවෙන් සහනදායී මිලට ගන්නා තෙල් ඉන්දියාවෙන් වැඩි මිලට ගැනීමට සිදුව ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේ ය.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත්වූ පසු ලෝකයේ අනෙකුත් රටවල සහය ලබා ගැනීමට හැකි යැයි විශ්වාසය පැවතිය ද අවසානයේදී සිදුවූයේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ද්විපාර්ශ්වික සබඳතාව බිඳ වැටීම බව ද මන්ත්‍රීවරයා වැඩිදුරට ත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.