අප්‍රේල් 03 බළලා මල්ලෙන් එලියට – වැඩේ අවුල් ගිහින් සමගියත් අසමගියේ!

අප්‍රියෙල් 3 නිර්නාමිකව සංවිධානය කළ විරෝධතා විරෝධතාවයේ බළලා මල්ලෙන් එලියට පනි…
whatsapp අංක පරික්ෂා කිරීමේදී ඔක්කොම සමගී ජනබලවේගය අය
හැබැයි කිව්වේ ජනතා නැගිටීමක් කියලා …

අප්‍රියෙල් 3 වන දා නිර්නාමික පුද්ගලයින් විසින් whatsapp හා facebook හරහා සංවිධානය කරන්නට යන විරෝධතාවය පිටුපස සිටින්නේ සමගි ජන බලබලවේගය පිරිසක් බවට මේ වනවිට හඳුනාගෙන ඇත . ඊයේ දිනයේදී සජිත් ප්‍රේමදාස හා රාජිත සේනාරත්න විසින් මේ විරෝධතා වලට පැමිණෙන ලෙස ඉල්ලා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත. මෙම whatsapp සමූහයේ දුරකථන අංක පරීක්ෂාකර බැලීමේදී මෙම whatsapp සමූහයේ නායකත්වය ගෙන ඇත්තේ සමගි ජන ජනබලවේගයේ පිරිස් විසින් බව තහවුරු වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය මෙම අසංවිධාත්මකව සිදුකරන විරෝධතාවය අති භයානක බවත් එයට කිසිදු දායකත්වයක් ලබා නොදෙන බවට නිවේදනය කර ඇත.

වැඩේ අවුල් – සමගියත් අසමගියේ

මෙම විරෝධතාවය පිළිබඳව සමගි ජන ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමට යන්නේ සමගි ජන බලවේගය මේ විරෝධතාවයට සම්බන්ධ නැති බවත් සමගි ජන බලවේගය පිරිස් සහභාගි වන්නේ නම් පරිස්සමින් විරෝධතාවයට පැමිණෙන ලෙසත්ය. ඊයේ මෙම විරෝධතා වලට පැමිණෙන ලෙසට රාජිත සේනාරත්න හා සජිත් ප්‍රේමදාස ඊයේ අන්තර්ජාලය ඔස්සේ ඉල්ලීමක් කර තිබිණි. මෙම වීඩියෝව ජනතාව උපහාසයට ලක්කර ඇත.

Leave a Reply

Your email address will not be published.