අනුරගේ චෝදනාව ට කබ්රාල් ගෙන් පිළිතුරු!

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදුකරන චෝදනාව අසත්‍ය බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ, නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2014 වසරේ දී ගෙවා ඇති බවට සිදු කළ චෝදනාවය.

පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පාලනය කළ වත්මන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් සිදුකළ බව කියන දූෂිත ගනුදෙනු රැසක් ජනතා විමුක්ති පෙරමුණ සහ දූෂණ විරෝධි හඬ සංවිධානය අද (03) අනාවරණය කළේය.

එහිදී මෙම චෝදනාව ද එල්ල කෙරුණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී එම වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රසිද්ධ කෙරුණි.

කෙසේවෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙන්නේ 2014 වසරේදී මහ බැංකුව විසින් මෙම ගෙවීම් සිදුකර ඇත්තේ රජයේ ලිඛිත සහ නිල උපදෙස් මත බවය.

ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදයේ සිදු කරන ලද විවිධ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එවකට රජය විසින් මෙම ගෙවීම සිදුකර ඇති බව ඔහු සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කබ්රාල් මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.