අන්තර්වාර ආණ්ඩුවේ අගමැති තනතුරට නම් වූ තිදෙනා!

මෙරට දේශපාලන කේෂ්ත්‍රයේ බල පෙරළියක් ඉදිරි පැය 48ක කාලය තුලදී සිදුවෙනු ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඊයේ සවස පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලට සම්බන්ධ අයවලුන්ගේ විශේෂ රැස්වීමක් කොටුව ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබෙනවා. එහිදී රාත්‍රිය පසුවන තෙක් රටේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ ගත යුතු ක්‍රියා මාර්ග ගැන සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වුවහොත් අන්තර්වාර පාලන රජයක් පිහිටුවා ගැනීම සහ අග්‍රාමාත්‍ය තනතුර සඳහා පත් කළ යුත්තේ කවුරුන්ද යන්න ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති බව සඳහන්.

එහිදී අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ගේ නම් යෝජනා කර ඇත.

කෙසේ වුවද ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා පැවති සාකච්ජා වලින් අවසන් තීරණයකට එළඹීමට නොහැකිවී ඇති අතර මේ සම්බන්ධයෙන් අද දිනයේදී විශේෂ සාකච්ජා වට කිහිපයක්ම මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published.