අධිවේගයේ 196ට ගිය සුපිරි රථය පොලිසියට මාට්ටු!

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පැයට කිලෝමීටර් 196ක වේගයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසනවා.

දොඩංගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි දසනායක ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මාර්ග නීති රීති උල්ලංඝනය කරමින් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කර සිටියේ.

පොලිස් නිලධාරීන් වේග මාපකය උපයෝගී කරගෙන මාතර දෙස සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් ගන්නා වාහන සොයා සිදුකළ පරික්ෂාවේදී සැකකරු පැයට කිලෝමීටර් කිලෝමීටර් 196 ක බෙන්ස් මෝටර් රථය පැද වූ බවට තහවුරු වූ බව පොලිස් නිලධාරියකු පැවසුවේ.

ඒ කොළඹ දෙසට පිහිටි සියලුම අන්තර් හුමාරු මධ්‍යස්ථාන වලට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුමාරු මධ්‍යස්ථානයෙන් පිට වීමට යාමේදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල, කංකානම් ගොඩ පදිංචිකරුවෙකු වන අතර සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.