අධිකරණ කටයුතුවලට බාධා කල රැට්ටා අත්අඩංගුවට!
ගෝඨාගෝගම අරගලයේ ක්රියාකාරිකයකු සහ යුටියුබ් නිර්මාණකරුවෙකු වන රතිඳු සේනාරත්න හෙවත් “රැට්ටා” මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කොටුව උසාවිය ඉදිරිපිට පැවති විරෝධතාවක දී පොලිසියට සහ අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා අද (30) සවස 03.00ට ඔහුට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
ඒ අනුව, ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් එම සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දී තිබෙන අතර එහිදි පැය දෙකකට ආසන්න කාලයක් ලබා දුන් පසුව කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට තිබේ.