“අද විදුලි කප්පාදුවක් නැහැ” නොරොච්චෝලේ යළි ජාතික පද්ධතියට!

ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලිය ලබාදීමට උත්සාහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය අද සිට ජාතික පද්ධතියට එක් කරන අතර, ඒ හරහා ද විදුලි උත්පාදනයට දායකත්වයක් සැපයෙන බවයි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අද (22) දිනයේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published.