අත්අඩංගුවට ගත් රැට්ටා ඇප මත නිදහස්!
අත්අඩංගුවට ගත් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන “රැට්ටා” නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න ඇප මත නිදහස් කර තිබේ.
අද පස්වරුවේ කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැර ඇත.
පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය යන චෝදනා යටතේ පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.