අගමැති ධුරයේ වෙනසක්..? ජාතික ආණ්ඩුවක්?

අගමැති ධුරයේ වෙනසක් ඉදිරියේදී සිදුවනු ඇතැයි දේශපාලන අංශවල කථා බහ පැතිර යමින් ඇති බව වාර්තා වෙයි.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වත්මන් ආණ්ඩුව විසින් දේශපාලන වශයෙන් ප‍්‍රබල වෙනසක් සිදු කළ යුතු බවට මතුවෙමින් පවතින ඉල්ලීම් හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී මෙම වෙනස සිදු කිරීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

එසේම ජාතික ආණ්ඩුවක් පිහිටුවා අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලබා දීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන වශයෙන් කැපී පෙනෙන වෙනස්කමක් සිදුකර ජාත්‍යන්තරයේ අවධානය ලබාගත යුතු බවට මතුවෙමින් ඇති ඉල්ලීම් හමුවේ මෙවැනි වෙනස්කමක් සිදු කිරීමට අවධානය යොමුවී තිබෙන බවද එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published.