“අගමැතිකම අපට දෙන්න” ඩොලර් බිලියන ගානක් ගෙනැත් දෙන්නම්!

ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව භාරගතහොත් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් ගලාගෙන එන්නට පටන් ගන්නා බවත් විදෙස්ගත ශ්‍රමිකයින් හරහා පමණක් මාසිකව ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක – දෙකක පමණ මුදලක් මෙරටට ගෙන්වා ගැනීමට තම පක්ෂයට හැකි බවත් එම පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ලොව පුරා තම පක්ෂයෙහි ශාඛා කමිටු පිහිටුවා ඇති හෙයින් එම කමිටු හරහා මෙසේ අතිවිශාල මුදලක් මාසිකව මෙරටට ගෙන්වා දිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

වත්මන් විදෙස් විනිමය අර්බුදය ආරම්භ වීමට පෙර 2020 දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ලැබී තිබුණු ඉහළම ප්‍රේෂණ ආදායම වූයේත් ඇමරිකානු ඩොලර් මිලියන 813කි. ඒ අනුව ටිල්වින් සිල්වා මහතා පවසන ආකාරයට ජවිපෙ ආණ්ඩුවක් පැමිණි සැණින් මෙම අගය අසාමාන්‍ය ලෙස දෙගුණයකටත් වඩා ඉහළ ප්‍රමාණයකින් වැඩිවිය යුතුය.

කෙසේ වෙතත් මීට පෙර ජාතික ජන බලවේගය නියෝජනය කරන හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය කියා සිටියේ තම ආණ්ඩුවක් පැමිණියද මෙම ගැටළු විසඳීමට යම් කාලයක් යන බව සහ ඒ වෙනුවෙන් රටේ ජනතාව යම් කැපකිරීමක් කල යුතු බවයි. එම ප්‍රකාශයෙන් පසුව ඇය ජවිපෙ හෝ ජාජබ රැස්වීම් ඇමතීම දකින්නට නොලැබීම සුවිසේෂි කාරණයක්…

Leave a Reply

Your email address will not be published.