කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය හා සෞඛ්‍ය අංශ ගනු ලබන තීන්දු ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක හමුදාව ඉමහත් මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා.

විදේශවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයින් සුළු පිරිසකුත් නිරෝධායනයට අවශ්‍ය සියලු කටයුතු සිදු කරමින් හා රජයේ සෞක්‍ය අංශ වලට සිය සේවාවන් ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සුවිශාල මෙහෙවරක් කරන හමුදා නිලධාරීන් කරනා මෙහෙවර අවතක්සේරු කරමින් සමාජ ජාල ඔස්සේ පදනම් විරහිත ප්‍රචාරයන්ද මේ වනවිට පලවෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අදාළ චෝදනා වලට පිළිතුරු ලබාදෙමින් හා රටේ වර්තමාන තත්වය පැහැදිලි කරමින් සිදුකල සම්පුර්ණ සාකච්චාව පහතින් නරඹන්න…