කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

එය එරට පළමු කොරෝනා මරණය බවට තහවුරු කරගෙන ඇත.

දකුණු දිග කර්ණාටක ප්‍රාන්තයේ විසූ 76 හැවිරිදි මෙම පුද්ගලයා සෞදි අරාබියේ මාසයක සංචාරයකින් පසු පෙබරවාරි 29 වන දින ඉන්දියාවට පැමිණ තිබේ.

ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිවරයා කියා සිටියේ මෙම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

මෙම පුද්ගලයා අඟහරුවාදා මිය ගිය නමුත් ඉන්දියානු බලධාරීන් ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන ලද්දේ බ්‍රහස්පතින්දා (12) රාත්‍රියේ දී ය.

ඉන්දියාවේ තහවුරු කරගත් කොරෝනා වෛරස් ආසාදිතයින් 73 ක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.