2019 04 21 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අඳුරුම දිනයක් බවට පත්වුයේ ලොවම කම්පා කරවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් නිසාවෙනි. 30 අවුරුදු යුද්ධයක් අවසානයේ බෝම්බ පිපිරීම් හා ත්‍රස්තවාදී ක්‍රියා පරාජය කර අවසර 10ක් නිදහස භුක්ති විඳි ශ්‍රී ලාංකීය ජනතාවට යලි ත්‍රස්ත මර බිය උරුම වුයේ යහපාලන ආණ්ඩුවේ ලොක්කන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා බව මේ වනවිට හෙළි වෙමින් පවතී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු තොරතුරු ලැබී තිබියදීත් ඒවාට නිසි පියවර ගැනීමට ආරක්‍ෂක ලේකම් හේමසිරි හා පොලිස්පති පුජිත් අසමත් වූ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයා ආරක්‍ෂක අමාත්‍ය හා සේනාධිනායක ලෙස ඔහුට ඇති වගකීම එදා නිලධාරීන් පිටට පටවා බේරීමට තත් කල අතර ඔහු විසින් ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයාව තනතුරු වලින්ද ඉවත් කිරීමට පියවර ගත්තේය.

එදා කතාන්දරය එසේ වුවත් තමන්ට සිදුවූ අසාධාරණය ගැන අධිකරණයට ගිය හේමසිරි ප්‍රනාන්දු හා පුජිත් ජයසුන්දර තිත්ත ඇත්ත හෙළි කරමින් සිටින්නේ සැබෑ වැරදිකරුවන්ට තවත් සැඟවී සිටීමේ අවස්ථා අහුරමින්ය. වාර්තා වන අන්දමට පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලැබුණු තොරතුරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී තිබු අතර ඔහු විදේශගතවන බැවින් ආපසු ලංකාවට පැමිණෙන දිනයේ එනම් අප්‍රේල් 25 දින එය සාකච්චා කල යුතු බවට කල් දමා ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රහාරයක ඇති බරපතලකම කිසිදු ගණනකට නොගෙනය.

අදාළ ප්‍රහාරය කලින් දැනසිටි බවට සාක්ෂි එවකට ජනාධිපති අධ්‍යක්ෂක වරයකු සිය ෆේස්බුක් ගිනුමේද දමා තිබු අතර. එයට සමාජ ජාල වලද දැඩි ප්‍රචාරයක් ලැබිණි. ඔහුටද නිතිය ක්‍රියාත්මක නොවුන අතර ආණ්ඩු මාරුවත් සමඟ එම අධ්‍යක්ෂකවරයා හදිසියේම කැනඩාවේ සරණාගත භාවය ඉල්ලුම් කොට යුක්රේනයට පැනගොස් ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට් කරමින් සිටී.

මේ අතර දේශපාලන බලයෙන් රටට සැඟවූ බොහෝ දේවල් හෙළි වීමට නියමිත අතර අවසානයේ හිටපු ජනාධිපතිවරයාට මෙන්ම ඔහු වටේ සිට පාස්කු ප්‍රහාරයට උඩ ගෙඩි දුන් සැමට නිතිය ක්‍රියාත්මක වන්නට නියමිතය.