චීනයේ පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා රොබෝ තාක්ෂණය යොදා ගැනීමට චීනය කටයුතු කරමින් තිබේ.

මේ අනුව චීනයේ වූහාන්හි රෝහල් අතර වෛද්‍ය සැපයුම් ප‍්‍රවාහනය සඳහා ස්වයංක‍්‍රීය රොබෝ යන්ත‍්‍ර හඳුන්වාදීමට චීන සමාගමක් කටයුතු කර ඇත. එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය සම්පේ‍්‍රෂණය වීමට පවතින ඉඩ අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
 
එමෙන්ම ආසාදිතයන්ගේ ශරීර උෂ්ණත්වය මැන ගැනීම සඳහා වුහාන් නගරයේ පොදු ස්ථානවල රොබෝ යන්ත‍්‍ර සවිකර ඇත.