සාරංග දිනක්ෂි ආදර කතාව ගැන එක එක රස කතා නිරන්තරයෙන්ම අපි ඔබට කියනවා. මේ සූදානම තවත් ඒ වගේ එකක් කියන්න. හැබැයි මේක වෙනදා කියන කතාවලට වඩා ටිකක් විශේෂ එකක් බව මුලින්ම මතක් කරන්න වෙනවා. මොකක්ද දන්නවද කතාව? සාරංගගේ දිනක්ෂිගෙයි වෙඩින් එක බොහොම ළඟදි දවසක පැවැත්වෙන්න නියමිතයි කියලා ඔන්න මේ දවස්වල එහෙන් මෙහෙන් ආරංචි එන්න පටන් අරගෙන තියනවා. 

මතකයි නේද අර පහුගිය දවසක සාරංගගේ උපන්දිනයට දිනක්ෂි ක්ෂේත්‍රයේ ඉන්න එයාලගේ හොඳම යාලුවෝ ටිකකුත් සාරංගට සර්ප්‍රයිස් පාර්ටි එකක් දුන්නා. අපි ඒ කතාව ඔබට කිව්වා. ඒකත් එක්ක සාරංග එයාගේ යූ ටියුබ් චැනල් එකේ දාලා තිබුන වීඩියෝ එකකුත් මතක ඇතිනේ. ඒකෙ එක තැනක එතන ඉන්න ක්ෂේත්‍රයේම කෙනෙක් කියනවා වෙඩින් එකට කලින් සාරංගගේ අන්තිම උපන්දිනය මේක කියලා. ඔන්න එතනින් තමයි පළවෙනිම සැකය පටන් ගන්නේ. 

මේ කතා අස්සේ අද දිනක්ෂි හරි අපූරු පින්තූරයක් අයගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුනා. ඒකෙ තියෙන්නේ Bride කියලා සටහන් කරලා තියන ලස්සන සෙරප්පු දෙකක්. හරියටම කිව්වොත් වෙඩින් එක දවසේ සූදානම් වෙන්න කලින් ගන්න pre wedding shoot එකට ගැලපෙන සෙරප්පු දෙකක්. ඉතින් මේක දැකපු ගමන් දිනක්ෂිගේ විවාහය ළඟ ඇති කියලා ගොඩක් අය හිතුවා. හැබැයි ඒක ඒ වගේ ව්‍යාපාරයකින් ඇයට ලැබුණු තෑග්ගක් කියලා තමයි ඇය නම් කියන්නේ. “ඒත් ඉතින් වෙඩින් එක ළඟ එන්නේ නැත්නම් එහෙම තෑග්ගක් දෙන්නේ නෑනේ” තවත් සමහර අය කිව්වේ එහෙම. 

කොහොම වුනත් ඔන්න මොකක් නමුත් වෙනසක් ඉක්මනටම වෙන්න යනවා කියලා තමයි හැමෝම කියන්නේ. කොහොම වුනත් මේ දෙන්නගේ වෙඩින් එක ගැන විස්තරේ හරියටම තහවුරු වුන ගමන් අපි ඔබට කියනවා වගේම වෙඩින් එක අද හෙට තිබුනත් නැතත් අපිට මේ ආදරණිය යුවළට සුබ පැතුම් එකතු කරන්න බැරිකමක් නැහැනේ නේද?