ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ සියලුම ජාතික සංචිතවලට යෝගා සහ භාවනා කිරීම අනිවාර්ය කර ඇති බවයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසලේ පැවති ‘වෘත්තීය ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම’ ලෙස නම් කර තිබූ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

ලබන මාසයේ සිට සියලුම ජාතික සංචිතයන් සඳහා අවම වශයෙන් සතියකට දෙවරක්වත් යෝගා පදනම් කරගත් භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. සාම්ප්‍රදායික සටන් කලාවන් ලෙසත් ශාරීරික හා මානසික ශක්තිය ලබා දෙන මාධ්‍යයක් ලෙසත් අප විසින් අංගම්පොර සහ යෝග භාවනා සියලුම ක්‍රීඩා පාසල්වලට හඳුන්වා දෙනවා.

මේක මම පෞද්ගලිකව සම්බන්ධ කර ගත් දෙයක් වන අතර මගේ ආශාව යෝගා බැවින් මම විශ්‍රාමික ක්‍රීඩා දිවිය යෝගයට ගෙන යාමට තීරණය කළෙමි. පසුගිය වසර කිහිපය තුළ මම එය කරමින් සිටින බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. මම ක්‍රීඩා දිවියෙන් සමුගත් දා පටන් යෝගා කිරීමට යොමු උනු නිසා මේක මම මෙම කාර්‍යය සම්බන්ධයෙන් මම පුද්ගලික මට්ටමකින් සම්බන්ධ වෙන්න තීරණය කළා

ඉන්දීය අගමැති මෝදිගේ මුලපිරීමෙන් ඉන්දීය ක්‍රීඩා සංචිත වලට යෝගා හඳුන්වා දීමත් සමඟ ඉන්දියාව හොඳ ප්‍රගතියක් අත් කරගෙන ඇති අතර අපගේද ජාතික සංචිත සියල්ලටම මෙය හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ඒ මහතා පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here