තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කිරීමට චීනය පසුගියදා සමත් වුණි.

චීනය සන්නිවේදන තාක්ෂණික අත්හදා බැලීම් චන්ද්‍රිකාවක් සාර්ථකව කක්ෂගත කර ඇත.

චීනයේ ෂීචෑන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයේදී ලෝන්ග් මාර්ච් 3B (Long march 3B) ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් එම චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරුණි.

ලෝන්ග් මාර්ච් ප්‍රවාහක රොකට්ටු මාලාවේ 315වැනි අභ්‍යවකාශ මෙහෙයුම මෙයයි.

මෙවර චන්ද්‍රිකාව ද සාර්ථකව නියමිත කක්ෂයට ඇතුළු වී මෙහෙයුම සම්පූර්ණ කර ඇතැයිද විදෙස් වාර්තා පවසයි.

චීනය මීට පෙරද සන්නිවේදන තාක්ෂණික අත්හදා බැලීම් චන්ද්‍රිකා ත්‍රිත්වයක් කක්ෂගත කර ඇත.

මේ අනුව ෂීචෑන්ග් චන්ද්‍රිකා ගුවන්ගතකිරීමේ මධ්‍යස්ථානයෙන් මේ වසරේ ක්‍රියත්මක කළ මෙහෙයුම් සියල්ල සාර්ථක වී ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.