ආගමික නායකයකු ප‍්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීමෙන් අනවශ්‍ය ප‍්‍රසිද්ධියක් ලබා ගැනීමට යමකු කටයුතු කරයි නම් එය ශිෂ්ටාචාර සමාජයක පිළිවෙත්වලින් බැහැර වීමෙන් යැයි ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රස්තියානි මණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් මැක්ස්වල්ඞ් ඩොස් පියතුමා ඊයේ (29 දා)  පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා- මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පිළිබඳව කරන විවිධ ප‍්‍රකාශ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම පියතුමා එසේ ප‍්‍රකාශ කළේය.

හරීන් ප‍්‍රනාන්දු මහතා කතෝලිකයකු වශයෙන් මුලින්ම කළ යුත්තේ කාදිනල්තුමා පිළිබඳව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ පළ නොකර පෞද්ගලිකව එතුමා මුණගැසී පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ඇතිවූ තත්ත්වය ගැන කරුණු විමසීමයි. නැතිව එවැනි ප‍්‍රකාශ ප‍්‍රසිද්ධියේ නොකිරීම යැයිද කී ජාතික කි‍්‍රස්තියානි මණ්ඩලයේ ලේකම් පියතුමා මේ පිළිබඳව තම මණ්ඩලය බෙහෙවින් කනගාටු වෙන බවද කීය.

නෝමන් පළිහවඩන