බස්නාහිර පළාතේ මුහුණු ආවරණ (Face Mask) පැළඳ නොසිටි පුද්ගලයින් 1,217 දෙනෙකු අවවාද කර යළිත් මෙම වරද සිදුකළහොත් , දින 14ක් නිවසේ නිරෝධායනය සඳහා යොමු කරන බවට පොලිසිය තදින් අවවාද කර තිබෙනවා.

එසේම අද දින කොටුව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ, කඩවත ප්‍රදේශවල මහජනතාව දැනුවත් කිරීම සහ මුඛ ආවරණ නොමිලේ බෙදා දීමට ද පොලිසිය මැදිහත් වුණා.

අද දින උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති එවැනි වැඩසටහනකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සහභාගී වී තිබෙනවා.