පීඩාකාරී ප්‍රතිපත්තිවලින් තොරව ජනතාවට සහන ලබාදෙන ලෙස රජයට බලකර සිටින බවත් ජනතාවගේ කරපිට පටවන්නට සූදානම් වන පීඩනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදීව වීදි සටන් ඉදිරියේදී දියත් කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සෑම පවුලකටම රුපියල් 20,000ක මුදලක් ලබාදීමට කටයුතු කළයුතු බවත් මේ මොහොතේ අවශ්‍ය වන්නේ නව අධිවේගී මාර්ග නොව ජනතාවට නැඟීසිටීමට අත දීම බවත් ඔහු කීය. 

පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු ඇමැතිවරියක හා රත්නපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රිනි තලතා අතුකෝරල සඳහන් කළේ, රට සම්පූර්ණයෙන් අකර්මණ්‍යව තිබූ මාස 2යි දින 8ක කාලයටම ලබාදී ඇත්තේ රුපියල් 5,000ක් පමණක් බවයි. එම නිසා ජනතාවට වහාම සහන ලබාදීමට කොන්දේසි නොමැතිව පියවර ගන්නැයිද රජයෙන් ඉල්ලීමක් කළාය.

පසුගියදා රුපියල් 1,500ක ආධාර මුදලක් ලබාගැනීමට ගොස් කාන්තාවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූයේද නැති බැරිකම නිසා යැයිද ඇය වැඩිදුරටත් කීවාය