පසුගිය දිනවල එක්සත් ජතික පක්ෂ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්දන මහතාගේ යැයි කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වල ප්‍රචාරය වූ අතර එය පිළිබඳව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් අදාළ පරීක්ෂණ කටයුතු පිළිබඳව සොයා බැලීමේදී ආරක්ෂක අංශ හරීන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ සුකොපභෝගී නිවාස සංකීරණයක ඇති නිවසක් පරීක්ෂා කර ඇති අතර එහිදී හරීන් ප්‍රනාන්දු මහතා ආරක්ෂක අංශ නිලධාරීන්ට බාධා කල බවත් කාවින්ද ජයවර්ධන මහතා අමතා තර්ජනය කල බවටත් මාධ්‍ය වාර්තා කොට තිබුනා.

මේ පිළිබඳව සමාජ ජාල තුල කතා බහක් ඇතිවූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන එකම කණ්ඩායමේ සගයින් දෙදෙනකු අතර ගැටුමක් ඇති වී තිබෙන්නේ ඉදිරි දේශපාලන කටයුතු නිසාද යන්න පිළිබඳවද දේශපාලනික අදහස්ද හුවමාරු වුනා. මේ පිළිබඳව කතා කිරීමට අද හරීන් ප්‍රනාන්දු මහතා කාවින්ද ජයවර්දන මහතා සමඟ මාධ්‍ය හමුවක් පවත්වන බවට කියා සිටියත් අදාළ මාධ්‍ය හමුවට සහභාගී වීම කාවින්ද ජයවර්දන ප්‍රතික්ෂේප කොට තිබුනා.

අදාළ මාධ්‍ය හමුවේදී අදාළ ගැටලුව වෙනුවට ඉරාජ් වීරරත්න වෙත දෝෂාරෝපණය කරමින් හරීන් ප්‍රනාන්දු මහතා අදහස් දැක්වූ අතර ඔහුගේ මියුසික් වීඩියෝ පෙන්වමින් ගොසිප් මාතෘකාවක් මාධ්‍ය හමුවට ගෙන ඒමට කටයුතු කල බව පෙනෙන්නට තිබුනා. රටේ කොරෝනා ව්‍යසනයක් පවතින කාලයක මෙවැනි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන කතා වලට පිළිතුරු දීමට සිල්ලර මාධ්‍ය හමු පවත්වන්නට තිබෙන උනන්දුව වසරකට පෙර රජයේ වගකිවයුතු අමාත්‍යවරයකු ලෙස එදා තිබුනානම් අද අහිංසක ජීවිත 300ක් ආරක්ෂා කරගන්නටද ඉඩ තිබුන අතර ඔහු නියෝජනය කරන දේශපාලන ධාරාව කෙතරම් බංකොලොත්ද යන්නත් මෙයින් මානව කියා පානවා.

හරීන් ප්‍රනාන්දු මහතා පැවැත්වූ මාධ්‍ය හමුව හා ඉරාජ් වීරරත්න මහතා ඒ සඳහා පිළිතුරු දෙමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනේ මේ අයුරින්…

Dear හරීන්ඇයි ඔයා මට මෙච්චර බය ? මේ මාධ්‍ය සාකච්ඡාව බැලුවාම මට හිතුනේ ඔයා කොච්චර මානසිකව වැටිලද කියලා ?රටේ මෙච්චර ව්‍යසනයක් වෙලා තියන වේලාවක මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ජනතා සේවයට කැප කල යුතු කාලයෙන් මගේ Music Video මාධ්‍යට පෙන්න පෙන්න බනින එකේ ප්‍රතිඵලය කුමක්ද මේ වෙලාවේ රටට ? ඔයා ජනතා සේවකයෙක් අපේ බදු මුදල් නාස්ති කරන්න එපා මෙහෙම.ඔබතුමාගේ තාත්තා ඔයාව දැනුවත් කරලා තිබිලත් අහිංසක ළමයි කී දෙනෙක්ගේ ජීවිත බේරගන්න තිබ්බද ඔයාට ? රටේ අහිංසක මිනිස්සු ඔයාට සාප කරනවා ඒ පවට !!! ඔයා අභියෝග කරනවා මට ඇවිත් ඔයත් එක්ක වාදයකට එන්නලු. මම දේශපාලනඥයෙක්වත් ඔයා කියන විදිහට දැන් ආන්ඩුවේ අධ්‍යක්ෂක තනතුරු දරන පුද්ගලයෙක්වත් නොවේ හැබැයි මම ඔයාට වඩා රටට වැඩක් කරලා තියනවා මගේ මහන්සියෙන් උපයාගත් මුදලින්.ඔයා රටට ඇත්තටම මොනවද කරලා තියෙන්නේ ? මෙහෙම මාධ්‍ය සාකච්ඡා තියලා මට බනින්නේ ඔයාගේම එකම පක්ෂයේ ස⁣හෝදර කාවින්ද මන්ත්‍රීතුමාගේ කියලා සමලිංගික වීඩියෝව කවුද Whatsapp හරහා share කරේ කියලා මම එලියට දායි කියලා බයටද ? සහෝදර මන්ත්‍රීගේ දේශපාලන ගමන අවසන් කරන්න කවුද මේ වගේ පහත් වැඩ පිටුපස සිටින්නේ කියලා ජනතාව දැනුවත් කරමුද ? මාධ්‍යට ඔබතුමා කිව්වේ කාවින්ද මාධ්‍ය සාකච්ඡාවට එනවා කියලා ඔබත් එක්ක කතා කරන්න මේ ගැන. ඇයි ආවේ නැත්තේ ? 🤷‍♂️මාධ්‍යය ඉස්සරහ මම ඔප්පු කරලා පෙන්වන්නද සාක්ෂි සමග කවුද කරේ කියලා ? 😜ආයිත් මේ වගේ පහත් වැඩ කරන්න එපා ජනතාව තීරණය කරයි ඉදිරි මැතිවරණයේදී ඔබතුමා ගැන සහ ඔබතුමාගේ පුතානෝගේ බංකොලොත් අසමගි ජන බලවේගය ගැන. ඒ වගේම ජනතාවට අයිතියක් තියනවා අපේ බදු මුදල් නාස්ති කරලා රංජන් කිව්වා වගේ කොකේන් ගහන හිටපු ඇමතිලා ගැනත් දැනගන්න 😜Ps – අවසාන වශයෙන් ඔයාගේ සමගි ජන බලවේගයට සහ 3% ට වෙන දේ බලන්න ඔයා කියන විදිහට මගේ Youtube Channel එකට Subscribe කරලා බලාගෙන ඉන්න 🤣🤦‍♂️

Gepostet von IRAJ am Donnerstag, 21. Mai 2020