මාලිගාවත්ත, ජුම්මා මාවතේ  මුස්ලිම් දේවස්ථානයක් අසළ පිහිටි නිවසක් ඉදිරිපිට ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිවස ඉදිරිපිට පුද්ගලයෙකු සිදුකළ මුදල් ආධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් මෙම අනතුර සිදුවුණි. 

අනතුරින් කාන්තාවන් තිදෙනෙකු මියගිය අතර තුවාල ලැබු තවත් 09දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. 

මෙම මුදල් බෙදා දීමේ අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ 300ක පමණ පිරිසක් සහභාගී වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළේය.

අදාළ සිදුවීම සිදුවූ නිවස ඉදිරිපිට දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම මුදල් බෙදා දීමක් සිදු කර ඇති ඇති බව වාර්තා වෙයි.

මෙම ස්ථානය එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථ අමතර කොටස් ගබඩා කරන තබන ස්ථානයක් බවත් අදාළ විසින් ව්‍යාපාරිකයා දෙහිවල පොලීසියෙන් ඇඳිරි නීති බලපත්‍රරයක්ද ලබා ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.