අන නොතකා ධාවනය කල නවීන පන්නයේ මෝටර් රථයක් පසු පස හඹා ගිය කරුවලගස්වැව පොලීසියට කාර් රථය සහා එහි තිබූ මුව මස් කිලෝ 30 පමන ප්‍රමානයක් රියදුරු සමග 21 වන දින පෙරවරුවේ අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

බුද්ධි දසුන් ගම ප්‍රදේශයේ සිට තබ්බෝව අභය භූමියෙන් දඬයම් කර මුවමස් ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු කාර් රථය බොරපතාව ප්‍රදේශයේ කැලයක් මැදින් ධාවනය කිරීමට යාමේදී මාර්ගය අවසන්වීම හේතුවෙන් පලායාමට නොහැකිවී ඇති අතර කාර් රථයේ සිටී දෙදෙනකු කැලයට පැන පලාගිය බව පොලීසිය පැවසීය.

අත් අඩංගුවට ගත් රියදුරු සහා ඔහුගේ බිරිඳ දරුවාද කාර් රථයේ සිටී බව පොලීසිය පැවසීය.

තබ්බෝව අභය භූමියෙන් දඬයම් කරන සතුන්ගේ මස් විශාල මිල ගනන් වලට වෙන්නප්පුව ප්‍රදේශයට අලවි කරන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

සැකකරු විදේශීය රටක නැවක සේවය කරමින් සිට ලංකාවට පැමිණ කොරෝනා වසංගය නිසා නැවත විදෙස් ගතවීමට නොහැකිව තබ්බෝව අටේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකි.

සැකකරු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රිවරියකගේ පුතෙකු බවට පොලීස් පරික්ෂන වලදී තහවුරු වී ඇත.