තම ප්‍රතිරූපයට හානි වන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ට හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා බාධා කළ බව එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් ප්‍රකාශ කොට තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා විසින් කල පැමිණිල්ල අනුව ඔහුගේ රුවට සමාන ඡායාරූප යොදා සකස් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වීම පිළිබඳව විමර්ශන දියත් කල කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් ඔවුනට ලැබුණු සාක්ෂි අනුව පරීක්ෂා කිරීමක් සඳහා කොළඹ සැන්ග්‍රිලා හෝටලයට සම්බන්ධ සුපිරි පංතියේ නිවාස සංකීරණයක නිවසක් සෝදිසි කිරීම සිදු කොට ඇති අතර අදාළ නිවසේ හිමිකාරීත්වය  පිළිබඳව සොයා බැලීමේදී එය හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අයත් බවට තහවුරු වී තිබෙනවා. 

එම නිලධාරීන් පිරිස තම නිවස පරීක්ෂා කිරීම පිළිබඳව කුපිත වී ඇති හරීන් “වරෙන්තුවක් නැතුව ගෙවල් සෝදිසි කරන්න දෙන්න බෑ” කියමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට බැනවැදී ඇති අතර මන්ත්‍රී කාවින්ද ජයවර්දන වෙතද අමතා බැනවදි ඇති බවයි වාර්තා වන්නේ. හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ සිදුවීමට සෘජුවම සම්බන්ධයක් ඇතිද නැතිද යන්න පැහැදිලිව ඔප්පු වී නැතත් ඔහු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට බැන තර්ජනය කල හේතුව තවමත් ගැටළුවක්.

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලකයින් පවසන්නේ මෙම වීඩියෝව සමාජ ජාල තුල ප්‍රචාරය කිරීම මගින් සෘජුවම කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගේ දේශපාලන දිවියට කැළලක් ඇති කොට ඔහුගේ දේශපාලන දිවිය විනාශ කිරීම සඳහා ගත් උත්සාහයක ප්‍රතිපලයක් බවයි. අදාළ පුද්ගලයින් කියා සිටින්නේ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ඉදිරි දේශපාලන කටයුතු ගම්පහ දිස්ත්‍රික්කය මුලික කරගෙන සිදු කරන්නට නියමිත බැවින් මෙම සිදුවීමට හරීන් අනිවාර්යයෙන්ම සම්බන්ධ බවයි.

කරුණු කරනා මෙසේ වෙද්දී කොළඹ අපරාධ කොට්ටාශයේ ඉදිරි විමර්ශන මත අලගිය වැලගිය සියලු තිරතුරු හෙළිදරව් වීමට නියමිත අතර මේ සිදුවෙමේ තිරය පිටුපස සිටින කාගේ කාගේත් රෙදි ගැලවීමට නියමිත බවනම් කිව යුතුමය.

මේ පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල පළවූ පුවත් කිහිපයක් පහතින්….