විදෙස්ගතව සිට පැමිණි සිය දියණියව තමා විසින්ම කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් පථයටම ගොස් නිරෝධායන ක්‍රියාවලියට භාජන නොකර නිවෙසට කැඳවාගෙන ගිය බවට වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත අසත්‍යයක් බවට නීති දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසීය.

සිය දියණිය තවමත් විදෙස්ගතව ඉගෙනුම ලබන බවත් මෙම පුවත සත්‍යයක් බවට කිසිවකු හෝ ඔප්පු කළහොත් තමා පොලිස් සේවයෙන් සමුගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

මෙවැනි අසත්‍ය පුවත් ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බවද හෙතෙම පැවැසීය. කෙසේ නමුත් මෙවැනි අසත්‍ය, මඩ ප්‍රචාර නිසා තමා රට වෙනුවෙන් ඉටු කරනු ලබන සේවය අත්නොහරින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මෙම අසත්‍ය පුවතට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණියද ඇය ඉගෙනුම ලබමින් සිටින බෙලාරූස් රාජ්‍යයේ සිට වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා සිටියේ තමන් මේ වනවිටත් එරට අධ්‍යාපනය හදාරමින් සිටින බවය.