අද දිනට යෙදී තිබෙන විජයග්‍රාහී සමරුවට සමගාමීව යුධ හමුදා නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.

මේජර් ජනරාල් නිලයට නිලධාරීන් 05 දෙනෙකු, බ්‍රිගේඩියර් නිලයට නිලධාරින් 04 දෙනෙකු, ලුතිනන් කර්නල්වරුන් ලෙස නිලධාරීන් 39 දෙනකු, මේජර්වරුන් ලෙස 60 දෙනකු හා ලුතිනන් නිලයට 60 දෙනකු මෙසේ උසස්වීම් ලබාදී ඇත.

එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන ලද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාද මෙහි මේජර් ජනරාල් නිලයට උසස් කර ඇත.

එංගලන්තයෙන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ දී පැවති කොටි ඩයස්පෝරාව විරෝධතාවයක් ඉදිරියට ගොස් අභිනයෙන් මරණීය තර්ජනය කළේ යැයි ඔහු